Tuesday, April 10, 2018

විද්‍යුතයට කුප්පියක්...

Techwaddo
ධාරාව පාඩම මුල ඉඳන් තේරුම්ගත්තොත් ඒ තරම් අමාරු පාඩමක් නෙවෙයි. ධාරාව පාඩම ගැන කියන්න කලින් මම අපේ මේ අලුත් වැඩපිළිවෙල ගැන කියන්නම්. Tech කිවුවම මේ දවස්වල ගොඩක් දෙනා කතා වෙන මාතෘකාවක් වෙලා තියෙයි කියල අමුතුවෙන් ඔයාලට කියන්න ඕනි නෑනෙ. ඇත්තෙම්ම දැන් ටෙක් මඩ පාරාදීසයක් වෙලා. හැම පැත්තෙන්ම මඩ ගහනව.

ඒත් අපි මඩ නාන්න ඕනිද...???
නෑනේ...

කෝමින් කෝමින් හරි මේ පේජ් එක ගොඩදාගන්න පාර කපන් යනව ඕං... ඒ ඉතිම් මට මොකුත් ලබාගන්න නෙවෙයි. ටෙක් කරපු අපි ටෙක් වෙනුවෙන් යමක් කරන්න ඕනි නිසා. පේජ් එකක් ජනප්‍රිය වුනා කියල ටෙක් වලට වෙන සෙතක් නෑ. අන්න ඒ නිසයි ඔයාලව දැනුපින් පිරිච්ච තාක්ෂණවේදියො පිරිසක් කරන්න හිතන් ලියන්න හිතුවෙ. ඒනම් මේ පළවෙනි ලිපිය නෙවෙයි.

මේ බින්දු වෙනි ලිපිය...! 

ඇත්තෙම්ම මේක ලියුවෙ පරීක්ෂණාත්මක ලිපියක් විධියට. විද්‍යුතය ගැන මම ඉස්කෝලෙ 12 වසරෙ ඉන්න කාලෙ ආතල් එකට හදපු ටියුට් එකක්  මේකෙ තියෙයි. වැරදි තිබුනොත් කමෙන්ට් කරන්න. ගන්න පුලුවන් දෙයක් තියෙයි නම් ගන්න. 1 වෙනි ලිපියෙ ඉඳන් ඉතාමත් නිවැරදි විධියට සකස් කරපු A to Z පාඩම් මාලාවක් ඔයාලට අරං එන්නම්.

එතකන් අපේ පේජ් එකත් එක්ක ඉන්න.

Techwaddo

පහත තියෙන ලින්ක් එකෙන් ටියුට් එක අරගන්න...

විද්‍යුතය නිබන්ධනය

Saturday, August 20, 2016

දෙයක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති පට්ටම RemiXOS

RemiXOS

මේ දවස්වල ඇන්ඩ්‍රොයිට් වලට කැමති අය වෙනුවෙන්ම කරලියට ආපු ඩෙස්ක්ටොප් එකට, ටැබ් එකට වින්ඩෝස් එක්කම පාවිච්චි කරන්න පුලුවන් පට්ටම OS එකක් තමයි RemiX කියන්නෙ.. මේක සුපිරි කියන්න බොහොම බරපතල හේතු දෙකක් මට නම් තියෙයි. සාමාන්‍ය හේතුවක් වගේම විශේෂ හේතුවක්.
  1. මේක වදින්න යන්නෙ හරිම පුංචි කාලයක් - කාලෙ නම් ගැන්නෙ නෑ ඕං...
    හැබැයි පොඩි වෙලාවයි යන්නෙ...
  2. මේක පෙන් එකකට වුණත් Install කරල පාවිච්චි කරන්න පුලුවන් - කියල තියෙන්නෙ නම් 16GB 3.0 එකකට ගහන්න කියල.. මන් නම් 2.0 එකට ගහල අගේට පාවිච්චි කළා..
මේ හේතු වගේම ගොඩක් හේතු නිසා මේක පාවිච්චි කරන්න හිතෙනව. ටච් ස්ක්‍රීන් වලට නම් ගොඩක්ම ගැලපෙනව. ඒත් පොයින්ටින් ඩිවයිස් එක විදියට මවුස් එකක් පාවිච්චි කළා නම් ඕනිම එකකට හොඳයි. 
ඕනිම ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් මේකට ඉන්ස්ටෝල් කරගන්න පුලුවන් (ඔවු ඉතින්., එහටම වෙන්න ඕනිනෙ..)

මේ තියෙන්නෙ සිඟිතියට ගහගත්තු RemiXOS l'''
පෙන් එකක් මුලින්ම මේ OS එක දාල PC එකට ගහද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. වින්ඩෝස් වල එහෙම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වෙනව වගේ මේකත් පෙන් එක අඳුරගන්න ගොඩක් වෙලාවට පොඩි දෙයක් කරණව. පෙන් එක format කරන්න අහනව. ඉතින් ඔයාලගෙ වැදගත් ගොණු තියාගෙන පළවෙනි පාරට පෙන් එක මේකට ගහන්න එපා.
දෙවෙනි පාර ඉඳන් කමක් නෑ.....
ඇන්ඩ්රොයිඩ් ගැන දන්න ඔයාලට මේකත් එක්ක හරිම පහසුවෙන් වැඩ කරන්න පුලුවන්..
 
මේ විදියට එන RemiX එක ගැන විස්තරේ මේ වීඩියෝවෙ තියෙයි..
මෙහෙම එන RemiXoS එක පොඩ්ඩක් පාවිච්චි කරල බලන්න..
ඔයාලටත් ආස හිතෙයි...

පහලින් ගිහින් RemiXOS එක Download කරගන්න...

Thursday, August 18, 2016

Bit Addressable Memory

මොකක්ද මේ Bit Addressable Memory කියන්නේ

සරලව මෙහෙම කියන්න පුළුවන්.. ඔයාලගෙ පරිගණකයෙ සකසනය තියෙනවනෙ. ඒ සකසනය තුළට එක සැරේකට ප්‍රවේශ වෙන්න පුළුවන් බිට් ගාණක් තියෙයි. ඒ බිට් ගාන අනුව තීරණය කරන්න් පුළුවන් ඒ පරිගණකයට යොදන්න පුළුවන් සසම්බාවී ප්‍රවේශ මතකයේ (RAM) ප්‍රමාණය. උදාහරණයක් විදියට ගත්තම ඔයාලගෙ 32Bit සකසනයක් තියෙන පරිගණකයට යොදන්න පුළුවන් උපරිම RAM එකේ ප්‍රමාණය වෙන්නෙ ගිගාබයිට් 4යි (4GB). කොහොමද මේ ගණනය කීරීම කරගන්නෙ...?
මේ ලිපිය කියවලම බලන්ටකෝ...

පහලින් ගිහින් DOWNLOAD කරගන්න....