Wednesday, October 14, 2015

2.පාඩම... මේක හැදුවට මුකුත් ලියන්න වෙලාවක් තිබුණෙම නෑ... සොරි වෙන්ට ඕනි...

  • කාබනික රසායනය

කාබනික සංයෝග වල රසායනය පිළිබඳව හැදෑරීමයි.
(
ඔක්සිජන්, නයිට්‍රජන්, සල්ෆර්, ෆොස්පරස් හා හැලජන යන පරමාණුද කාබනික සංයෝග වල අන්තර්ගත වේ.)

හයිඩ්‍රොකාබන (Cහා H පමණක් අඩංගු)
1.ඇල්කේන - CnH2n+2 (මෙතේන්, ප්රොපේන්, බියුටේන් )2.ඇල්කීණ - CnH2n (එතීන්, හෙක්සීන්)3.ඇල්කයින - CnH2n-2 (එතයින්, පෙන්ටයින්) 4.ඇරෝමැටික සංයෝග - C6H6 (බෙන්සීන්, නැප්තලීන්)

  • (C H O අඩංගු සංයෝග)


1.ඇල්කොහොල -OH (හයිඩ්‍රොක්සිල්) ඛාණ්ඩය ඇත.

2.
ෆීනෝල -ඇරෝමැටික සංයෝග වලට -OH බැඳී ඇත.

3.
ඊතර් -හයිඩ්‍රොකාබන් දාම හෝ වක්‍ර දෙකකට බැඳුණු ඔක්සිජන් පරමාණුවක් ඇත.

3.
කීටෝන -CO දෙපසට සම්බන්ධ හයිඩ්‍රොකාබන දාම හෝ වක්‍ර යුගලක්.

4.
ඇල්ඩිහයිඩ -CHO ඛාණ්ඩයකට බැඳුණු හයිඩ්‍රොකාබන දාමයක් හෝ වක්‍රයක්.

5.
කාබොක්සිලික් අම්ල -COOH ඛාණ්ඩයකට බැඳුණු හයිඩ්‍රොකාබන දාමයක් හෝ වක්‍රයක්.

6.
එස්ටර් -CO2 හා බැඳුණු හයිඩ්‍රොකාබන දාම හෝ වක්‍ර.

7.
ඇමීන -ඇමෝනියා අණුවක H පරමාණු එකක් හෝ කිහිපයක් හයිඩ්‍රොකාබන දාම
හෝ වක්‍ර මගින් ප්‍රතිස්ථාපනය වීමෙන්.

8.
ඇමයිඩ -COOH (කාබොක්සිලික්) අම්ලවල -OH ඛාණ්ඩය -NH2 ඛාණ්ඩයක් මගින් ප්‍රතිස්ථාපනය වීමෙන්.

සජීවී දේහ තුළ පවතින ඕනෑම අණුවක් ජෛවාණුවක් වේ...

උදා:- කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, නියුක්ලික් අම්ල, විටමින් ආදිය.

1.1කාබෝහයිඩ්‍රේට.
කාබෝහයිඩ්‍රේට යනු හයිඩ්‍රොක්සිල්(-OH) ඛාණ්ඩ දෙකක් හෝ වැඩි ගනණක් අඩංගු ඇල්ඩිහයිඩ(-CO-) හෝ කීටෝන(-CHO) වේ.

මේවා ප්‍රධාන ආකාර තුනකි.
1.මොනො සැකරයිඩ.
මොනොසැකරයිඩ කොටස් දෙකකට බෙදෙයි.
ඇල්ඩෝස සහ කීටෝස.
වක්‍ර ආකාරයට සැකසුණු මොනොසැකරයිඩ. (උදාහරණ පහත දක්වා ඇත)

2.ඩයි සැකරයිඩ.
එකිනෙක බැඳුණු මොනො සැකරයිඩ යුගලකින් ඩයි සැකරයිඩ සමන්විත වේ.
මේවාගේ බන්ධන විලාශය ‘‘ග්ලයිකොසිඩික බන්ධන ලෙසින් හඳුන්වයි’’
ඩයිසැකරයිඩය


විස්තර සංරචක මොනොසැකරයිඩ
මෝල්ටෝස් පිෂ්ඨය ජල විච්ඡේදනයේ ඵලයකි. αග්ලූකෝස් + αග්ලූකෝස්
සෙලබයෝස් සෙලියුලෝස් ජල විච්ඡේදනයේ ඵලයකි. βග්ලූකෝස් + βග්ලූකෝස්
සුක්‍රෝස් සාමාන්‍ය සීනි. αග්ලූකෝස් + βප්‍රක්ටෝස්
ලැක්ටෝස් කිරිවල අඩංගු ප්‍රධාන සීනි වර්ගයයි. βගැලැක්ටෝස් + βග්ලූකෝස්

3.පොලි සැකරයිඩ.
  • පිෂ්ටය (Starch)
    *ශාක වල තැන්පත් ව ඇති ප්‍රධාන කාබෝහයිඩ්‍රේටයයි.
    *
    ඇමයිලෝස් (10%-20%) හා ඇමයිලොපෙක්ටීන්(80%-90%) වලින් නිර්මාණය ව ඇත.
    *
    ඇමයිලෝස් හා ඇමයිලොපෙක්ටීන් යන දෙවර්ගයම ග්ලූකෝස්(α) වලින් නිර්මාණය වී ඇත.
    *
    බන්ධන - ග්ලයිකොසිඩික බන්ධන.
  • සෙලියුලෝස්
    *ශාක තුළ පමණක් දැකිය හැකි සුලබ ද්‍රව්‍යයකි. ශාක සෛල බිත්තියේ අඩංගුව ඇත.
    *
    ග්ලූකෝස් වලින් නිර්මාණය වී ඇත.(β ග්ලූකෝස් අණු අතරැති β ග්ලයිකොසිඩික බන්ධන මගින්) මේවා β 1-4 ග්ලයිකොසිඩික බන්ධන වේ.
  • ග්ලයිකෝජන්
    ශාඛනය වූ ඇමයිලොපෙක්ටීන් මගින් නිර්මාණය වී ඇත. (ශාක තුළ පිෂ්ටය මගින් ශක්තිය ගබඩා කරගැනීමට සමාන කාර්යයක් සත්ත්ව දේහ තුළ සිදු කරයි.)

සරල සීනි හඳුනා ගැනීමේ පරීක්ෂාව
ද්‍රාවණය:- බෙනඩික් (මෙය නිල් පැහැති ද්‍රාවණයකි)
පරීක්ෂණයෙන් පසු:- කොළ පැහැය (සරල සීනි සුවල්පයක් අඩංගු බව)
ගඩොල් රතු පැහැය (සරල සීනි වැඩිපුර අඩංගු බව)
පිෂ්ටය සීනි හඳුනා ගැනීමේ පරීක්ෂාව
අයඩින් ද්‍රාවණය යොදයි.
පිෂ්ටය අයඩින් සමග නිල් පැහැති සංකීර්ණ සාදයි.
වැදගත්කම
පොලි සැකරයිඩ ඩයි සැකරයිඩ මොනො සැකරයිඩ
ගැලැක්ටෝස්:- ග්ලූකෝස් සමග කිරිවල අඩංගු සීනි සාදයි.
ග්ලූකෝස්:- සිරුර තුළදී ශක්තිය බවට පත් වෙයි.
ප්‍රක්ටෝස්:-මොනොසැකරයිඩ අතුරින් රසින් වැඩිම සීනි විශේෂයයි.
මෝල්ටෝස්:-මෝල්ට් සීනි ලෙසද හඳුන්වයි. ප්‍රරෝහණය වන ධාන්‍ය තුළ නිපදවේ.
ලැක්ටෝස්:-කිරි වල අඩංගු සීනි වර්ගයයි.
සුක්‍රෝස්:-සාමාන්‍ය සීනි ලෙස එදිනෙදා බාවිත වේ.
පිෂ්ටය:-ශාක තුළ පිෂ්ටය ලෙස ශක්තිය ගබඩා කෙරෙයි.(සතුන් තුළ ග්ලයිකෝජන් ලෙස.)
ආහාරමය තන්තු:-මළ බද්ධය ආදීය වලක්වාලමින් අන්ත්‍ර වල යහපත් තත්වයක් ඇති කරයි.
කයිටීන්:-දිලීර, කෘමීන්ගේ,ආත්‍රෙපා්ඩාවන්ගේ සෛල බිත්තියේ.
කාර්මිකභාවිත
*ජෛව ඉන්දන ලෙස කාබෝහයිඩ්‍රේට ග්ලූකෝ බවටත්, අනතුරුව එතනෝල් බවටත් හරවා ප්‍රයෝජනයට ගනී.
*රෙදිපිළි කර්මාන්තයේදී, *කඩදාසි නිෂ්පාදනයේදී, *කාර්මික ඇල්කොහොල නිපදවීමට, *බෙහෙත් පෙති සෑසීමේදී(වෛද්‍ය ක්ෂේත්‍රය තුළ), *රූපලාවනෆ ක්ෂේත්‍රෙය්දී හා ඇලවුම්කාරක ගම් නිපදවීමේදී.

1.2 ප්‍රෝටීන්
C, N, O, H හා ඇතැම් විට S ද අන්තර්ගත වේ. මේවා අති විශාල අණු වේ. (සා..ස්.6000-250,000 අතර)

ඇමයිනෝ අම්ල
*ඇමයිනෝ අම්ල ප්‍රෝටීන් වල තැනුම් ඒකකයයි.
α-ඇමයිනෝ අම්ලයක් යනු ‘‘කාබන් පරමාණුවකට බැඳුණු ඇමයිනෝ ඛාණ්ඩයක්(-NH2), කාබොක්සිල් ඛාණ්ඩයක්(-COOH), හයිඩ්‍රජන් පරමණුවක්(H) හා විශේෂිත පරමාණුවක් (R-ඛාණ්ඩයක්) සහිත අණුවකි.
(α-ඇමයිනෝ අම්ල අණු ප්‍රෝටීන් නිර්මාණයේදී බෙහෙවින්ම වැදගත් වෙයි.)

රූපය:-පොදු වියුහය




*ස්විටර් අයනය:- ඇමයිනෝ අම්ල වල ආරෝපිත ආකාරයයි.
*
α-ඇමයිනෝ අම්ලයක COOH ඛාණ්ඩය සමග තවත් α-ඇමයිනෝ අම්ල අණුවක -NH2 ඛාණ්ඩය සම්බන්ධ වෙමින් ජල අණුවක් ඉවත් වීම පෙප්ටයිඩ බන්ධන නම් වේ.
*ඇමයිනෝ අම්ල අණු යුගලක් සංගනණය වීමෙන් ඩයි පෙප්ටයිඩයක් නිර්මාණය වන අතර වැඩි ගනණක් සංගනණය වී පොලි පෙප්ටයිඩ (දිගු දාම ප්‍රෝටීන)සාදයි.

මේ ආකාරයෙන් ප්‍රෝටීන් නිර්මාණය වෙයි.
ප්‍රෝටීනවල ව්‍යුහය
1.ප්‍රාථමික ව්‍යුහය:-ඇමයිනෝ අම්ල රේඛීයව සම්බන්ධව ඇති ආකාරය.
2.ද්විතීයික ව්‍යුහය:-α-දඟර ආකාරය සහ β-රැලි සහිත ආකාරය.
3.තෘතියික ව්‍යුහය:-ප්‍රෝටීනයේ ත්‍රිමාණ පිහිටීම.
4.චතුර්තක ව්‍යුහය:-පොලි පෙප්ටයිඩ දාම දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් සම්බන්ධව සෑදෙන සංකීර්ණ ව්‍යුහය.



එන්සයිම
*ජෛව රසායන ප්‍රතික්‍රියාවක් කිරීමට අවශය සක්‍රීයන ශක්තිය(Activation Energy) අඩු කිරීම මගින් ප්‍රතික්‍රියා සීඝ්‍රතාව වැඩි කරයි. (උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි)
උදා:-මුඛය තුළදී ගුලූකෝස් ප්‍රක්ටෝස් බවට බිඳහෙලීම. (සාමාන්‍ය පරිසරයේදී මෙයට අධික උෂ්ණත්වයක් අවශ්‍ය වෙයි)

එන්සයිම වල ක්‍රියාකාරීත්වයට බලපාන සාධක
1.උෂ්ණත්වය:-පෂස්ථ උෂ්ණත්වය ඉක්මවූ විට එන්සයිම ක්‍රියාකාරීත්වය අඩු වෙයි.
2.pH අගය:-ප්‍රශස්ථ pHඅගය වෙනස් ර්‍ව විට එන්සයිම ක්‍රියා නොකරයි.
3.එන්සයිම සාන්ද්‍රණය:-සාන්ද්‍රණය ප්‍රශස්ථ මට්ටමක පවතින විට ප්‍රතික්‍රියා ඉහළ සීඝ්‍රතාවකින් යුතුව සිදු වේ.
*එන්සයිම ක්‍රියාකාරීත්වය අඩපණ කරණ ද්‍රව්‍ය එන්සයිම නිශේධක නම් වේ.

ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂාව
ද්‍රාවණය:- බයියුරේට්.
පරීක්ෂණයෙන් පසු:-ප්‍රෝටීන් අඩංගු නම් නිල් පැහැයක් ලබා දෙයි.
ප්‍රෝටීන වල වැදගත්කම හා භාවිත.
වෛ විද්‍යාත්මක වැදගත්කම කාර්මික භාවිත
*එන්සයිම උත්ප්‍රේරක වශයෙන් යෙදේ.
*වාහක ද්‍රව්‍යයකි (හිමෝග්ලොබින්)
*ශක්තිය ගබඩා කරයි(අක්මාවේ යකඩ තැන්පත් වන්නේ කෙරටින් ප්‍රෝටීනය සමගයි)
*තන්තුමය කොලැජන් අස්ථි නිර්මාණය.
*සම, නිය, කෙස් ආදිය නිර්මාණය.
*ඇසෙහි දෘෂ්ඨි ක්‍රියාවලියට රොඩොප්සීන් ප්‍රෝටීනය
*ප්‍රතිශක්තිය ලබා දෙන ප්‍රතිදේහ නිර්මාණය වීම.
*වර්ධනය පාලනයට හා සුවිශේෂී සෛල නිපදවීමට.


*ආහාර කර්මාන්තයේදී
පිෂ්ඨයේ අඩංගු ප්‍රෝටීන ප්‍රමාණය අඩු කිරීමට ප්‍රෝටියේස් එන්සයිමය උපයෝගී වෙයි.
මාංෂ පිසීමේදී පැපේන් (පැපොල් වලින ලබාගනී)
*ජෛව ඉන්ධන නිපදවීමට සෙලියුලෝස් එන්සයිමය.
*රෙදිපිළි වල පැල්ලම් ඉවත් කිරීමට.
*ගෘහස්ථ පිරිස්දුකාරක ලෙස.
*වෛද්‍ය ක්ෂේත්‍රෙය්දී ඉන්සියුලින් හෝමෝනය යොදාගැනීම. (E coli බැක්ටීරියාව මගින් නිපදවයි.)
1.3 ලිපිඩ.
ලිපිඩ වර්ග කිරීම.
1.ට්‍රයිග්ලිසරයිඩ (තෙල් සහ මේද)
2.ෆොස්පොලිපිඩ.
3.ස්ටෙරොයිඩ (කොලෙස්ටරෝල් වැනි)
4.ඉටි හා ඒවා සම්බන්ධ සමහර සංයෝග.

1.ට්‍රයිග්ලිසරයිඩ (තෙල් සහ මේද)
ශක්තිය ඒකරාෂී කෙරෙන ප්‍රධාන ආකාරයකි. ග්ලිසරෝල් අණුවක් හා මේද අම්ල අණු තුනක් එක්ව (එස්ටරීකරණය වී) නිර්මාණය වෙයි.



සංතෘප්ත මේද අම්ල අසංතෘප්ත මේද අම්ල
උදා:-ලෝරික් අම්ලය
පාමිටික් අම්ලය
මිරිස්ටික් අම්ලය
*ද්විත්ව බන්ධන නැත
*බොහෝ සත්ත්ව ප්‍රභව වල අඩංගු වෙයි
*කාමර උෂ්ණත්වයේදී ඝණ අවස්ථාවේ පවතී
උදා:-ලිනොලෙයික් අම්ලය
ලිනොලෙනික් අම්ලය

*ද්විත්ව බන්ධන ඇත
*බොහෝ ශාක දේහ වල අඩංගු වෙයි
*කාමර උෂ්ණත්වයේදී ද්‍රව අවස්ථාවේ පවතී



2.ෆොස්පොලිපිඩ.
සෛල පටලයේ අඩංගු ප්‍රධාන ලිපිඩ වර්ගය ෆොස්පොලිපිඩ වේ. (පොස්ෆොරික් අම්ලය සමග මේද අම්ල සාදයි)
*මෙම අණු ද්විත්ව ස්ථරයක් ලෙස සකස්ව පවතී. එමගින් ජලයේදී ජලයට නිරාවරණය වීම
වැලකෙයි.
මෙයට ජල කාමී (හිස) කොටස ජලයට මුහුලා
පිහිටීමත්, ජල භීතික හයිඩ්‍රොකාබන කොටස්
ජලයෙන් බැහැර වන පරිදි ද සකස් වීම හේතු
වෙයි.

3.ස්ටෙරොයිඩ (කොලෙස්ටරෝල් වැනි)
සත්ත්ව හා ශාක දේහ වල අඩංගු වෙයි. සිරුරේ මනා ක්‍රියාකාරීත්වයට වැදගත් වෙයි.
උදා:-ආහාර ජීර්ණයට සම්බන්ධ පිත හා කොලෙස්ටරෝල් යනු ස්ටෙරොයිඩ වර්ගයේ ලිපිඩ වර්ග වේ.

4.ඉටි හා ඒවා සම්බන්ධ සමහර සංයෝග.
ශාක උච්චර්මයේ ජලයට අපාරගම්‍ය ස්ථරය, සත්ත්ව දේහ වල සම, පිහාටු, රෝම ආදියෙහි ජලයට අපාරගම්‍ය ස්ථරයද ඉටි වලින් සමන්විතය.

ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව
ද්‍රාවණය:- සූඩෑන් III
පරීක්ෂණයෙන් පසු:-රතු පැහැති ගෝලිකා සහිත අවලම්භයක් සාදයි.
ලිපිඩ වල වැදගත්කම හා භාවිත.
ජෛව විද්‍යාත්මක කාර්මික
*ශක්තිය ගබඩා කෙරෙන ආකාරයක් ලෙස
*සෛල පටලයේ ව්‍යුහමය සංරචකයක් ලෙස
*හෝමෝන නිපසවීම (කොරෙස්ටරෝල් ලිංගික හෝමෝන, විටම්න් D නිපදවීමට උපකාරී වෙයි.)
*තාප පරිවාරකයක් ලෙස.
*අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීමට.
*ජල පරිවාරකයක් ලෙස ක්‍රියා කිරීම.
*මේදවල ද්‍රාව්‍ය විටමින් අවශෝෂණය කිරීමට.
*ආහාර කර්මාන්තයේදී. (මාගරින්, පිසුම් තෙල්, බටර් නිපදවා ගැනීමට)
*සබන් නිෂ්පාදනයේදී.
#සැපොනීකරණය
#ග්ලිසරීන් ඉ වත් කිරීම.
#පිරිසිදු කිරීම.
#නිමාව.
*ලිහිසි ද්‍රව්‍ය නිෂ්පාදනයේදී.


No comments:

Post a Comment