Wednesday, August 19, 2015

පිළිතුරු ලියන්න ප්‍රශ්න හොයන අයටමයි...



෴ගැටළු෴

1)
    Python හි භාවිත වන මෙහෙයවන වර්‍ග 03ක් ලියන්න.
2)
    Tuple List වලින් වෙන්කොට දැක්විය හැකි විශේෂ ලක්ෂණයක් ලියන්න.

3)
  1. Directory එකක් සමන්විත වන කොටස් දෙක මොනවාද...?
  2. එම කොටස් දෙකට ලබාදිය හැකි දත්ත ප්‍රරූප මොනවාද..?


4)"+" ලකුන කේතයක් තුළ සිදු කරණ කාර්‍යයන් දෙක මොනවාද..?



5)
  1. Python වල දත්ත ආකාර මොනවාද....?
  2. එම දත්ත ආකාර පරිවර්ථනය කළ හැකිද...?
  3. පිළිතුර ඔවු නම් පරිවර්ථන සඳහා උදාහරණ 03ක් ලියන්න.




6)
  1. ක්‍රමලේඛයක විචල්‍යයක් යනු කුමක්ද...?
  2. උදාහරණයක් දෙන්න.


7)
  1. හඳුන්වන (Identifires) නිර්‍මාණය කරන්නේ කුමක් සඳහාද...?
  2. එහිදී භාවිතා වන නීති 02 ක් ලියන්න.


8)පහත වචන හඳුන්වන්න.
  1. ප්‍රභව කේතය.
  2. වස්තු කේතය.
  3. ද්විමය කේතය.
  4. බයිට් කේතය.






9)
  1. Python භාශාවේ භාවිත වන පාලන ව්‍යුහ 03 ක් ලියන්න.
  2. පුර්‍ණකරණය සඳහා ඇති ප්‍රකාෂණ මොනවාද...?


10)
  1. ක්‍රමලේඛනයේදී Libraries හා Serries භාවිතා කරන්නේ කුමක් සඳහාද..?
  2. එම ගොනු හඳුන්වන්නේ කුමන නමකින්ද...?
  3. පද්ධති මට්ටමේ තොරතුරු ඇති ගොනු හඳුන්වන නම කුමක්ද...?




11)
  1. ශ්‍රිතයක් යනු කුමක්ද..?
  2. Python හි පෙර සැකසූ කාර්‍යබද්ධ ශ්‍රිතයකට උදාහරණ දෙන්න.


12)
    ඇතුළත් කරණ සංඛ්‍යාව 75 ට වැඩි නම් A ද, 65 ට වැඩි නම් B ද, 55 ට වැඩි නම් C ද, 35 ට වැඩි නම් S ද, අඩු නම් W ද මුද්‍රණය වන ශ්‍රිතයක් නිර්‍මාණය කරන්න.
13)
    ඉහත ශ්‍රිතය විභාග ලකුණු දැක්වීමට හැකි යන්ත්‍රයකට ආදේශ කරමින් සිසුන් 40 ක් සිටින පන්තියක එක් විශයක ලකුණු වලට හිමි සාමාර්ථය තීරණය කිරීමට සුදුසු ඛේතයක් ලියන්න.
14)
    ස්ථානීය විචල්‍යයක හා ගෝලීය විචල්‍යයක වෙනස කුමක්ද...?
15)
    පහත දක්වා ඇත්තේ ඇතුළත් කරණු ලබන සංඛාවක ද්විමය අගය ප්‍රතිදානය ලෙස ලබාදෙන Python කේතයකි. ඒ ආධාරයෙන් ඇතුළත් කරණු ලබන සංඛාවක අෂ්ඨම අගය ප්‍රතිදානය ලෙස ලබාදෙන කේතය නිර්‍මාණය කරන්න.