Friday, October 30, 2015

ජාලකරණය- කෙටි සටහන



  • දත්ත සනනිවේදනය.

    දත්ත ප්‍රේශකයා හා ග්‍රාහකයා අතර යම් කිසි මාධ්‍යයක් උපයෝගී කරගනිමින් හුවමාරු කරගැනීමයි.


    1.       ප්‍රේශකයා (Sender/Source)
    2.       මාධ්‍යය.
    3.       පණිවිඩය.
    4.       ග්‍රාහකයා.


    නියමාවලිය. (Agreement between the communicating devices)
    *සන්නිවේදන උපකරණ දෙක අතර ඇති ගිවිසුම හෙවත් ආචාරධර්ම පද්ධතියයි.
    සමමුහුර්තනය. (Synchronization)
    *සෑම දත්ත ඒකකයකට ආරම්භක හා අවසන් දත්ත බිටුව ග්‍රාහකයා විසින් නිවැරදිව තේරුම්ගැනීමයි.
    පිළිදැන්වීම(Acknowledgement)
    *තමන් දත්ත ලබා ගැනීමට සූදානම් බව හා දත්ත ලබාගත් බව ග්‍රාහකයා වෙත දැනුම්දීමයි.


    සංඥා ආකාරයට දත්ත නිරූපණය (Signals)

    දත්ත ඉලෙක්ට්‍රෝන රටාවකට හැරවීම මගින් සම්ප්‍රේෂණය කිරීමයි.


    ප්‍රතිසම සංඥා (Analog Signals)

    ශක්ති මට්ටම කාලයට සාපේක්ෂව වෙනස් වෙමින් සම්ප්‍රේෂණය වේ. මෙම සංඥා විවිධ කොටස් වලින් සමන්විත වේ.
    1)      විස්ථාරය - තරංගයේ උස.
    2)      සංඛ්‍යාතය - ඒකක කාලයකදී ගමන්ගන්නා තරංග ස්ඵන්දන සංඛ්‍යාව.
    3)      කලාව -  තරංගයේ ආරම්භක කෝණය.


    අංකිත සංඥා(Digital Signals)

    *එකිනෙකට වෙනස් ශක්ති මට්ටම් දෙකකට පමණක් විචලනය වෙමින් සම්ප්‍රේෂණය වෙයි.


    මොඩමය(MODEM)

    අංකිත සංඥා ප්‍රතිසම සංඥා ආකාරයට හා ප්‍රතිසම සංඥා අංකිත ආකාරයට මූර්ජනය හා ප්‍රතිමූර්ජනය (Modulation & Demodulation) කරණ උපකරණයයි.
    v  දුරස්ථව පවතින පරිගණක ජාල අතර සංඥා හුවමාරු කිරීමට මාධ්‍යයක් ගොඩනැගීම සඳහා මොඩමය උපකාරී වේ.
    දත්ත සම්ප්‍රේෂණ විධි.
    1.       ඒකපථ - උදා:- රූපවාහිනිය, ගුවන්විදුලිය
    2.       අර්ධ දිවිපථ - උදා:- වෝකිටෝකි උපකරණය.
    3.       පූර්ණ ද්විපථ ක්‍රමය - උදා:- දුරකථන සංවාද.
    4.       බහුපථ ක්‍රමය (Multiplexing)


    ü  සංඛ්‍යාතය බෙදා ගැනීමේ බහුපථ ක්‍රමය. (Frequency Division Multiplexing - FDM)

    *දත්ත සංඥා සංඛ්‍යාත පරාසයක් තුළ උප සංඛ්‍යාත පරාස වලට බෙදා සම්ප්‍රේෂණය කිරීම මෙනමින් හැඳින්වේ.


    ü  කාලය බෙදා ගැනීමේ බහුපථ ක්‍රමය.

    (Time Division Multiplexing - TDM)
    *දත්ත සංඥා විවිධ කාල පරාස වලට බෙදා සම්ප්‍රේ-
    ෂණය කිරීම මෙලෙස හඳුන්වයි.


    ü  කේතය බෙදාගැනීමේ බහුපථ ක්‍රමය. (Code division Multiplexing - CDM)

    දත්ත සංඥා සදහා කේතයක් ආදේශ කරමින් සම්ප්‍රේෂණය සිදු කිරීමයි.
    දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයන්...
    1)      නියමු මාධ්‍යය.(Guided Media)
    2)      නොනියමු මාධ්‍යය.(Unguided Media)
    නියමු මාධ්‍යය.
    Ø  විවෘත රැහැන් (Open wire)


    Ø  ඇඹරි යුගල රැහැන් (Twice Wire Pair)

    Shield TP and Un shield TP ලෙස වර්ග වේ.


    Ø  සමාක්ෂ රැහැන් (Coaxial Cable)

    ඇන්ටෙනා වයර්.
    Ø  ප්‍රකාශ තන්තු (Fibre Optics)
    නියමු නොවන මාධ්‍යය...


    Ø  ගුවන්විදුලි තරංග (Radio Transmission)

    VHF – ඉතා උච්ච සංඛ්‍යාත තරංග.
    UHF -  අති උච්ච සංඛ්‍යාත තරංග.


    Ø  ක්‍ෂුද්‍ර තරංග (Microwaves)

    වඩා වැඩි දුරකට දත්ත සම්ප්‍රේෂණය කරණ අතර වැඩි සංඛ්‍යාතයක් ඇති කෙටි තරංග භාවිත කරයි.


    ü  භූගෝලීය සූක්ෂම තරංග

    පසළ ගිගා සංඛ්‍යාත වල ස්ථාපිතව ඇති මෙය සැතපුම් 30ක් වැනි පරතරයක් තුළ සංඥා හුවමාරු කරගනී.


    ü  චන්ද්‍රිකා සන්නිවේදනය.

    ගුවන්විදුලි සංඥාම සම්ප්‍රේෂණ මාධ්‍යය ලෙස යොදාගනී. (මේවා පහළ වායු ගෝලය මගින් පරාවර්ථනය සිදු නොකරයි)


    ü  ලේසර් තරංග.

    අභ්‍යාවකශය සමග දත්ත සන්නාවේදනය කිරීමට යොදාගනී. (මේවාගේ තරංග ආයාම අතිශයින්ම කුඩා ඒවා වෙයි.)
    උදා:- ඇඟිලි සලකුණු යන්ත්‍ර, බාකෝඩ් රීඩර් ආදිය.
    Ø  අධෝරක්ත(Infrared)
    Ø  වයිෆයි(Wi fi)
    Ø  වයිමැක්ස් (Wi Max)
    Ø  ලයිෆයි (Li fi)
    Ø  බ්ලූටූත් (Bluetooth)


    දත්ත සම්ප්‍රේෂණ අපාචයනය (Transmission Impairments)

    දත්ත සංඥා ගමන් කිරීමේදී දුරට යනවිට හඳුනාගත නොහැකි තත්වයට පත් වීම.
    1.       විකෘති වීම (Distortion)
    ·         විස්තාරය වෙනස් වීම නිසා.
    ·         කලාව වෙනස් වීම නිසා.
    ·         සංඛ්‍යාතය වෙනස් වීම නිසා සිදු වෙයි...
    o   මෙය වලක්වා ගැනීමට සමකරණයක් (Equalizer) භාවිත කරයි.


    2.       වැහැරීම (Attenuation)

    විද්‍යුත් මාධ්‍යයක් තුළින් ගමන් කිරීමේදී තරංගයේ ශක්තිය අඩු වීම හේතුවෙන් එහි සංඛ්‍යාතය අඩු වීමයි.
    *මෙය වලක්වා ගැනීමට ප්‍රතිවිකාශන (Network Repeater) උපකරණය භාවිත කරයි.


    3.       ඝෝෂාව (Noise)

    බාහිර සංඥා හේතුවෙන් සම්ප්‍රේෂණය කරණ සංඥා වලට වන බාධාවයි.
    ü  වෙනත් සම්ප්‍රේෂණ මාධ්‍යයක් හරහා ගමන් කිරීමේදී ඇතිවන ඝෝෂාව. (Inter Modulation Noise)
    ü  තාපය හේතුවෙන් ඉලෙක්ට්‍රෝන මගින් ඇතිවන ඝෝෂාව. (Thermal Noise)
    ü  වෙනත් විදුලි උවාරණ මගින් ඇතිවන තරංග හේතුවෙන් ඇතිවන ඝෝෂාව. (Induced Noise)
    ü  රැහැන් දෙකක් අතර සිදු වන ශබ්ධය. (Cross Talk)
    ü  අකුණු ගැසීම නිසා ඇතිවන විද්‍යුත් තරංග නිසා ඇතිවන ශබ්ධය. (Impulse)
    v  මෙම ඝෝෂාව අඩු කරගැනීමට,
    o   Trade offs
    o   Chroma and Luminance noise Separation
    o   Liner Smoothing Filter
    o   Signal Combination
    ආදී ක්‍රම යොදාගනී.
    දත්ත සන්නිවේදන ක්‍රම.
    1.       සාම්ප්‍රදායික ක්‍රම.
    2.       ඉලෙක්ට්‍රොනික ක්‍රම.
    පරිගණක ආශ්‍රිත දත්ත සන්නිවේදන ක්‍රම.
    v  සංගෘහිත සේවා අංකිත ජාලය. (Integrated Service Digital Network) – ISDN


                                     I.            Basic Rate Interface – (BRI)

    ගෙනයාමේ නාලිකා - 02 යි.
    දත්ත නාලිකා - 01 යි.


                                   II.            Primary Rate Interface – (PRI)

    ගෙනයාමේ නාලිකා - 23යි.
    දත්ත නාලිකා - 01 යි. (USA ක්‍රමයට)

    ගෙනයාමේ නාලිකා - 30 යි.
    දත්ත නාලිකා - 30 යි. (UK ක්‍රමයට)
    ·         ISDN ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණය Baseband Transmission නම් වේ.
    ·         ඉතා ඉහළ දත්ත සන්නිවේදනයට Broadband Transmission යොදාගනී.
    v  අසමමිතික අංකිත දායක රැහැන. (Asymmetric Digital Subscribe Line) – ADSL
    ü  Download හා Upload වේග අසමාන නිසා අසමමිතික ලෙස නම් කරයි.
    ü  පවතින දුරකථන රැහැන මගින්ම සබඳතාව ලබා දෙන නිසා Subscribe ලෙස නම් කරයි.
    ü  දුරකථන ඇමතුම් වලට අදාල නොවන තරංග ආයාමයන් උපයෝගී කරගනිමින් සබඳතාව ලබා දෙයි.
    ü  Data හා Voice එකම රැහැන හරහා ගමන් කරයි.
    F  රැහැන් හරහා දුරට යනවිට තරංග ආයාම වෙනස් වීම මෙම ක්‍රමයේ අවාසියකි.


    කේත බෙදුම් බහු ප්‍රවේශය. (Code Division Multiple Access) - CDMA 

    දත්ත හා හඬ සන්නිවේදනයට අනෙකුත් ක්‍රමයන්ට වඩාත්ම හොඳ ක්‍රමයකි.
    *විවිධ ග්‍රවන්විදුලි තාක්ෂණික ක්‍රමයන්හීද නාලිකා ප්‍රවේශ ක්‍රමයක් ලෙසින් භාවිතා කරයි.


    පොදු දත්තමලු ගුවන්විදුලි සේවය. (General Packet Radio Service) – GPRS

    *GSM හි දෙවන හා තෙවන පරම්පරාවන්හි භාවිත වන ජංගම දත්ත මලු ක්‍රමයම පාදක කොටගත් ක්‍රමවේදයකි.


    ජංගම සන්නිවේදනය සඳහා ගෝලීය පද්ධතිය. (Global System For Mobile Communication) – GSM

    ලොව පළමු හා එකම ඩිජිටල් සෙලියුලර් පද්ධතියයි. 1991 දී හඳුන්වාදෙන ලදී.
    දත්ත සම්ප්‍රේෂණය හා ප්‍රතිග්‍රහණය
    ð     වාහක තරංග.
    *දුර සන්නිවේදනයෙහි තොරතුරු අවගමනය කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රධාන සංඥාවක් විසින් මූර්ජනය කෙරෙන (විකරණය හෝ වෙනස් කෙරෙන) සයිනාකාර තරංග හැඩයකි.
    ð     මූර්ජන ආකාර...
    1.       ප්‍රතිසම මූර්ජනය.
    2.       අංකිත මූර්ජනය.
    ප්‍රතිසම මූර්ජනය.


    1)      විස්තාර මූර්ජනය. (Amplitude Modulation) - AM

    *ප්‍රතිසම ප්‍රදාන සංඥාවට අනුව වාහක තරංගයේ විස්තාරය වෙනස් කිරීමේ මූර්ජන ආකාරයයි.


    2)      සංඛ්‍යාත මූර්ජනය. (Frequency Modulation)- FM

    ප්‍රතිසම ප්‍රදාන සංඥාවට අනුව වාහක තරංගයේ සංඛ්‍යාතය වෙනස් කිරීමේ මූර්ජන ආකාරයයි.


    3)      කලා මූර්ජනය. (Phase Modulation) - –M

    ප්‍රතිසම ප්‍රදාන සංඥාවට අනුව වාහක තරංගයේ කලාව වෙනස් කිරීමේ මූර්ජන ආකාරයයි.
    අංකිත මූර්ජනය
    *අංකිත ආකාරයෙන් පවතින ප්‍රදාන තරංගය ප්‍රතිසම ආකාරයෙන් පවතින තරංගයක් සමග මූර්ජනය කිරීමයි.


    1)      විස්තාර සීරුමාරුව (Amplitude Shift Keying)-ASK

    *වාහක තරංගයේ විස්තාරය විචලනය මගින් අංකිත දත්ත නිරූපණය කරයි.


    2)      සංඛ්‍යාත සීරුමාරුව(Frequency Shift Keying)-FSK

    *වාහක තරංගයේ ව්‍යුක්ත සංඛ්‍යාංක වෙනස් වීම් හරහා අංකිත සංඥා සම්ප්‍රේෂණය කරයි.


    3)      කලා සීරුමාරුව (Phase Shift Keying) - PSK

    *වාහක සංඥාවේ කලාව, යවනු ලබන සංඥාවට අණුරූපව වෙනස් කරගනිමින් දත්ත සම්ප්‍රේෂණය කරණු ලබයි.


    පරිගණක ජාල. (Computer Network)

    *සම්ප්‍රේෂණ මාධ්‍යයකින් එකිනෙකට සම්බන්ධ වූ පරිගණක හා උපාංක සමූහයකි. (පරිගණක 02ක් අතර වුවද ජාලයක් නිර්මාණය වී තිබිය හැකිය.)
    ð     ප්‍රථම පරිගණක ජාලය USA ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රගත පර්යේෂණ ව්‍යාපෘති කාර්යාංශ ජාලයයි (ARPANET)හෝ (DARPA|ARPA)


    පරිගණක ජාලකරණයේ වාසි

    *දත්ත ගොනු ඉක්මනින් පරිගණක අතර  හුවමාරු කරගත හැකි වීම.
    *මෘදුකාංග හවුලේ භාවිත කිරීමේ හැකියාව.
    *ජාලය තුළ ෆයිල් ආරක්‍ෂා කරගත හැකි වීම.
    *ඩිස්ක තුළ ඉඩ පිරිමැසීම.
    *දෘඩාංග (Printers, Fax Machines, Modem) බෙදාගැනීම.
    *කඩදාසි භාවිතයෙන් තොරව ඉක්මනින් පණිවිඩ හුවමාරු කරගත හැකි වීම.
    *ෆයිල් ආදිය තැනින් තැනට ගෙනයාමට අවශ්‍ය නොවීම.
    *තමාට පහසු ස්ථාන වලට ජාල අනුරූපණය කරගත හැකි වීම.
    *Work Group ගොඩනැගීමට හැකි වීම.


    පරිගණක ජාලකරණයේ අවාසි.

    *සර්වරයේ දෝශ ඇතිවූ විට වැඩසටහන් අඩපණ වීම.
    *ජාල දෝශ නිසා දත්ත හානි වීම.
    *ජාල දෝශ නිසා සම්පත් ලබාගැනීම ඇහිරීම.
    *භාවිත කරන්නාගේ දායකත්වය ජාලය මත පදනම් වීම.
    *පද්ධතිය හැකරුවරුන්ගේ ග්‍රහණයට නතු වීමට ඇති ඉඩ.
    *තීරණ මධ්‍යගත (Centralize) වීම කෙරෙහි නැඹුරු වීම.
    *අකාර්යක්‍ෂම පද්ධතියක් විය හැකි වීම.
    *සමස්ථ ඉදිරිපත් කිරීම දුර්වල වීමට ඇති ඉඩකඩ.
    *ජාලය හා සම්පත් අතර ඇති දුර නිසා පරිශීලකයාට වැඩ කිරීමට අපහසු වීම.
    ජාලය කලමණාකරණය දුශ්කර විය හැකි වීම.
    පරිගණක ජාල වර්ග
    1)      පුද්ගල පුදේශ ජාල(Personal Area Network)-PAN
    2)      ස්ථානීය ප්‍රදේශ ජාල (Local Area Network) - LAN
    3)      පුළුල් ප්‍රදේශ ජාල (Wide Area Network) - WAN
    4)      පුරවර ප්‍රදේශ ජාල (Metropolitan Area Network) - MAN
    5)      විසිරි ප්‍රදේශ ජාල (Distributed Area Network) -  DAN
    6)      පාලිත ප්‍රදේශ ජාල (Control Area Network) – CAN

    ජාල ස්ථල විද්‍යාව (Network Topology)
    1.       Bus Topology -  බ්‍රසීය ආකාරය.
    2.       Star Topology - තරුමය ආකාරය.
    3.       Ring Topology - වටමය ආකාරය.
    4.       Mesh Topology - දැලිස ආකාරය.
    5.       Tree Topology - රුක්මය ආකාරය.
    6.       Hybrid Topology - දෙමුහුම් ආකාරය.
    ජාල ආකෘති. (Network Models)


    01.   සම සම ජාල (Peer to Peer)

    *නාභිය නම් උපකරණය ආධාරයෙන් සාදාගත හැක.
    *ජාලය තුළ සෑම පරිගණකයකටම එක හා සමාන පහසුකම් ඇත.
    02.   සේවාදායක - අනුග්‍රාහක ජාල (Client - Server)
    ©       සේවාග්‍රාහක පරිගණක.
    ©       සේවාදායක පරිගණක.
    03.   අතත්‍ය පුදිගලික ජාල (Virtual Private Network)
    ü  පොදු ජාලයකට හෝ අන්තර්ජාලයට සම්බන්ධව පවතී.
    ජාලකරණ උපාංග
            I.            Network Hub - ජාලකරණ නාභිය.
          II.            Network Bridge.
        III.            Network Switch.
        IV.            Network Router.
    1.       Network Hub
    මෙමගින් අන්තර්ජාල සේවාව හෝ වෙනත් ඕනෑම සේවාවක් නාභියේ සියලුම Codes වෙත බෙදාහරී. එක් Code එකක් Input Code එක වන අතර, අනෙක් Code සංඛ්‍යාංක පරාසය සමව බෙදාගනී.
    2.       Network Bridge


    LAN වර්ගයේ පරිගණක ජාල කීපයක් එකට සම්බන්ධ කරයි. 

    *අදාල සේවාව ඉල්ලන පරිගණකය සමග පමණක් සම්බන්ධ වීම මෙහි විශේෂත්වයයි.
    3.       Network Switches
    අන්තර්ජාල සේවාවට අදාල සංඛ්‍යාත පළල සෑම පරිගණකයකටම බෙදාදීම, පරිගණක පාලනය කිරීම හා Switch කිරීම.
    4.       Network Router


    පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධ කරණ උපකරණයයි.

    *Protocol හා Protocol Address භාවිතා කරමින් නිවැරදි තැනටම සේවාව සපයයි.


    විවෘත්ත පද්ධති අන්තර් සබැඳුම. (Open System Information) - OSI

    ලොව පුරා නිපදවන සියලුම ජාලකරණ උපාංග එකම ප්‍රමිතියකට ගෙනඒම මෙහි අරමුණයි.
    *ඒ මගින් ලෝව ඕනෑම තැනක එකම තාක්‍ෂණික පිළිවෙලකට (ප්‍රමිතියකට) අනුව ජාලකරණය සිදු කරයි.
    *1984 දී ISO ආයතනය මගින් ඉදිරිපත් කරණ ලද්දකි.


    OSI ආකෘතිය

    *ජාලය තුළ සිදුවන කාර්යයන් සරල කොටස් 07 කට බෙදා ඇත.


    01.   Application Layer - යෙදුම් ස්ථරය.

    *පරිශීලක අතුරු මුහුණත් සැපයීම.
    *මුරපද, පරිශීලක නාම ආදී ආරක්ෂක දෑ සොයාබැලීම.
    *File Transfer, E-mail, telnet වැනි සේවා ක්‍රියාත්මක කිරීම.


    02.   Presentation Layer - ඉදිරිපත් කිරීම් ස්ථරය.

    *දත්ත Format වලට වෙන් කිරීම.
    *දත්ත හැකිලවීම හා ගුප්තකේතනය කිරීම.


    03.   Session Layer - සැසි ස්ථරය.

    *දත්ත යවන හා ලබාගන්නා උපාංග අතර සබඳතාව ගොඩනගා ගැනීම හා ඒවා කලමණාකරණය.
    *දත්ත සම්ප්‍රේෂණය ඒකපථද, ද්විපථද යන්න තීරණය කිරීම.


    04.   Transport Layer - ප්‍රවාහ ස්ථරය.

    *දත්ත පැකට්ටු දත්ත ඛාණ්ඩයක් බවට පත් කිරීම හා දත්ත ලබාගන්නා හා යවන උපාංග අතර දත්ත ගැලීම් පාලනය.
    *දත්ත කාර්යක්‍ෂමව යැවීම හා වැරදි හඳුනාගෙන නිවැරදි කිරීම.
    මෙහිදී ක්‍රමවේදයන් 03ක් භාවිත කරයි.


                                       I.            Widowing.

    *TCP සමග සම්බන්ද වන, දත්ත පැකට්ටුවක් යැවූ පසු, ලැබුණු බව තහවුරු කරණ පණිවුඩයක් ලැබෙනතුරු නැවත දත්ත පැකට්ටුවක් නොයැවීමට කටයුතු කරයි.


                                     II.            Buffering.

    *ජාලයක් හරහා දත්ත යැවීමේදී එම දත්ත කෙටි කාලීනව අතත්‍ය මතකයක් තුළ තැන්පත් කරගැනීමයි.
    (Cache Memory හි කාර්යය.)


                                   III.            Congestion Avoidance.

    *TCP හරහා දත්ත සම්ප්‍රේෂණයේදී ඇතිවන තදබදය අවම කිරීම.


    05.   Network Layer - ජාල ස්ථරය.

    *ප්‍රභවයේ සිට ග්‍රාහකය දක්වා දත්ත යැවීමට මාධ්‍යය සැකසීම.
    Routing Table සාදාගැනීම.
    (Router එකද මෙම කොටසට අයත් වේ.)


    06.   Data Link Layer - දත්ත සම්බන්ධක ස්ථරය.

    *ජාල ස්ථරයෙන් ලබාගන්නා දත්ත රාමු වලට වෙන් කිරීම (වර්ග කිරීම) යි.
    *භෞතික ස්ථරයෙන් ලැබෙන දත්ත ජාලයට යැවීමට පෙර දත්ත පැකට්ටු වලට හැරවීම.
    භෞතික ස්ථරය තුළ දෝශ අනාවරණය හා නිරාකරණය.
    මෙහි කොටස් 02 කි...
                           I.            Logical Link Control -  ජාල උපාංග අතර සබඳතාව පාලනය.
                         II.            Media Access Control (MAC) -  උපාංග කිහිපයක් මගින් එකම මාධ්‍යය හුවමාරු කරණ බව පෙන්වීම.


    01.   Physical Layer - භෞතික ස්ථරය.

    *පරිගණකය ජාලගත කිරීමට භාවිත කරණ භෞතික උපාංග මෙම ස්ථරයට අයත් වේ..


    OSI ආකෘතියේ වැදගත්කම.

    *ලොව සියලුම තැන්වල දත්ත සම්ප්‍රේෂණ ක්‍රමවේදයන් එකම සම්මුතියකට ගෙනඒම.


    Protocol වගර්‍ හා ඒවා ක්‍රියාත්මක වන ස්ථර.

    Application layer
    v  Http
    v  Telnet
    v  Ethernet
    v  SMTP
    v  FTP
    Presentation layer & Session Layer
    v  SSMA/CD
    v  IP
    v  TCP
    v  ICMP
    v  FTP
    v  HTTP
    Transport Layer
    v  TCP
    v  UDP
    Network Layer
    v  IP
    v  HTTP
    v  TCP
    v  FTP
    Data Link Layer
    v  IEEE 802.3
    v  PPP
    Physical Layer
    v  Ethernet


    Ethernet

    *විශාල ලෙස ස්ථාපනය කරණ ලද ස්ථානීය ප්‍රදේශ ජාල වේ.
    *CSMA/CD ප්‍රවේශ ක්‍රමය භාවිත කරයි.
    *Star / Bus වැනි Topologies සඳහා පහසුකම් සපයයි.


    IP සංස්කරණ (නියමාවලි)

    IPV4, IPV6


    IPV4

    *Bit 32  IP ලිපිනයක් ලබාදෙයි.
    *පළමු Bit කොටසින් Network ID ද, දෙවැනි කොටසින් Host ID ද නිරූපණය වේ.
    *ලපින පරාසයන් A,B,C ලෙස කොටස් 03 කට බෙදයි.

    Class ‘A’
    ɸnnnnnnn.hhhhhhhh.hhhhhhhh.hhhhhhhh


    ජාල ගණන - 27

    ජාලයකට ලිපින - 224
    Class ‘B’
    10nnnnnn.nnnnnnnn.hhhhhhhh.hhhhhhhh


    ජාල ගණන - 214

    ජාලයකට ලිපින - 216
    Class ‘C’
    110nnnnn.nnnnnnnn.nnnnnnnn.hhhhhhhh


    ජාල ගණන - 221

    ජාලයකට ලිපින - 28


    CSMA/CD - Carrier Sense Multiple Access / Collision Detection

    *ජාලයක් තුළ පරිගණක 02ක් දත්ත හුවමාරු කරණ විට වෙනත් පරිගණකයකින් දත්ත යැවීමට උත්සාහ කිරීමේදී ඇතිවන ඝට්ඨනය (Collision) හඳුනාගැනීම.
    *මේ සඳහා Carrier Signal එකක් භාවිතා කරයි.


    IP -  Internet Protocol

    *ස්තිථික හෝ ගතික ලෙස IP ලිපින තිබිය හැකිය.
    *ස්තිථීක IP ලිපිනය පරිගණකයේ අනන්‍යතාවයයි.
    *ගතික IP ලිපිනය සම්බන්දතාවයට අදාලව වෙනස් අගයක් ගනී.


    TCP - Transmission Control Protocol

    *දත්ත පැකට් වලට වෙන් කර ක්‍රමවත්ව යැවීම සිදු කරයි.
    *දත්ත IPවෙත ළඟා වූ බවට තහවුරු කරගනී.
    *වැරදි පාලනය කරයි.


    UDP - User Datagram Protocol

    *විශ්වාසවන්ත බවින් අඩු දත්ත යැවීමේ ක්‍රමයකි.
    * TCP හි සිදුකරන කිසිවක් සිදු නොකරයි.


    ICMP - Internet Control Message Protocol

    *අන්තර්ජාලය හරහා පණිවුඩ යැවීම පාලනය කරයි.
    * අතරමැදි වරදක් වුවහොත් වැරදි පණිවුඩයක් ලබාදීම මෙහිදී සිදු වේ.


    PPP - Point To Point Protocol 

    *පරිගණක දෙකක් අතර දත්ත හුවමාරු කරගැනීමට මෙම නියමාවලිය භාවිත කරයි.


    POP - Post Office Protocol

    *E-mail , Server එකෙන් ලබාගෙන Client වෙත ලබාදීම මෙමගින් සිදු කරයි.


    FTP - File Transfer Protocol 

    *web server එකෙන් ෆයිල් ලබා දෙද්දී අවශ්‍ය වර්ගයට ගොනුව (File) පරිවර්තනය කිරීම.  
    Type Of Servers - සේවාදායක වගර්‍
    1.      

    සැකසුම:- අචින්ත කේ සුරංජය විසින්
     

    Web Server - වෙබ් සේවාදායකය.

    *Http භාවිතයෙන් සේවාග්‍රාහක වෙත Web පිටු සැපයීම සිදු කරයි.
    උදා‍:- Apache Server
              Tomcat Server
              IIS (MS Internet Information)
              Novell Server
              Lotus Domino Server
    *මේවා Database Soft wears ඝණයටද අයත් වේ.


    2.       Mail Server - තැපැල් සේවාදායකය.

    *විද්‍යුත් තැපැල් පණිවිඩ ලබාගෙන බෙදාහැරීම.
                MS - Exchange 
                    Q mail
                    Exim
                    Send mail


    3.       Proxy Server - නියෝජිත සේවාදායකය.

    *අන්තර්ජාලය භාවිතයේදී පරිගණක පරිශීලකයා හා අන්තර්ජාලය අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරයි.


    4.       Application Server - යෙදුම් සේවාදායකය.

    *අන්තර්ජාලය තුළ ඇති යෙදුම් මෘදුකාංග සඳහා Server තුලින් ඉඩ ලබාදීම.
    උදා:- Skype 
              Messenger
              Viber
              E- mail


    5.       DNS Server (Domain Name Service Server)

    *Domain Names IP Address බවට පරිවර්තනය.
    *ජාලකකරණ මෘදුකාංග, පොදු IP ලිපින හා වෙනත් අන්තර්ජාල ධාරකයන් සඳහා අවශ්‍ය ලිපින ඇතුලත් දත්ත සමුදාය මෘදුකාංග පාලනය.


    6.       DHC Server – (Dynamic Host Configuration Protocol Server)

    *අන්තර්ජාල නියමාවලි (IP) මත පදනම් පරිගණක ජාල එකිනෙකට සම්බන්ධ කිරීම.
    *උපකරණ වලට අනන්‍ය වූ IP ලිපින පැවරීම.


    7.       බහු සම්බන්ධතා.

    *කිසියම් ස්ථාන 02 ක් අතර කාල පරාසයකට යටත්ව සිදු කරණ සම්බන්ධතා.
                උදා:- School Net