1)Pacific white shrimp
(Liptopenaeus vannamei) බටහිර රටවල වගා කරන ප්‍රධාන විශේෂයි.
පැසිෆික් වෙරල තීරයට උරුම කම් කියන අතර මෙක්සිකෝව සිට පේරු දක්වා වයාප්තව ඇත.
සෙන්ටිමීටර 23 ක් දක්වා වර්ධනය වෙයි.95% ක නිෂ්පාදනයක් ලතින් ඇමෙරිකාව ආශ්‍රිතව
නිපදවෙයි. බෝ කිරීම පහසු වන අතර ටවුරා රෝගයට පහසුවෙන් ගොදුරු වෙයි.
2)Giant tiger prawn (Penaeus
monodon) ඉන්දියානු සාගරයේද පැසිෆික් සාගරයේ
ජපානයේ සිට ඕස්ට්රේලියාව දක්වා ව්යාප්තව ඇත.විශාලතම වගා කරන ඉස්සන් වන අතර සෙන්ටිමීටර්
32 ක් දක්වා වැඩෙයි .ආසියාවේ වගා කරනු ලබයි.2001 වර්ෂයේ සිට l.vannamei විශේෂය මේ වෙනුවට භාවිතා කරන්නේ මොවුන්
පහසුවෙන් සුදු පුල්ලි රෝගයට නතුවන නිසාවෙනි.
සම්පුර්ණ වගා කරන ඉස්සන් නිෂ්පාදනයෙන්
80% ක් පමණම මෙම විශේෂ 2 ට අයත් වෙයි.
බෝ කරන වෙනත් විශේෂ
1)western blue shrimp
(P.stylirostris) බටහිර අර්ධ ගෝලය තුල වඩාත් ප්‍රචලිතව
වගා කරන ඉස්සන් විශේෂය වූ අතර IHHN වයිරසය
මගින් සම්පුර්ණ ගහනයම වාගේ 1980 වර්ෂයේදී විනාශ විය.සුරැකුණු සුළු ප්‍රමාණය වෛරස්
ප්‍රතිරෝධී විය. මොවුන්ගෙන් සමහරෙක් taura වෛරසයටද ප්‍රතිරෝධී බව හදුනාගත් පසු 1997 සිට නැවත වගා කිරීම අරඹන
ලදී.
2)Chinese white shrimp
(P.chinensis) චීනය ජන්ම භුමිය වූ අතර චීන වෙරළාශ්‍රිත
ප්‍රදේශ සහ කොරියාවේ බටහිර වෙරල තිරය තුල වගා කරන ලදී.සෙන්ටිමීටර 18 ක් පමණ ප්‍රමාණයට
වර්ධනය වන අතර සෙල්සියස් අංශක 16 ක් පමණ ශීත ජලය අත්යවශ්ය වෙයි.වරක් ලෝක
වෙළදපොලෙහි ප්‍රධාන අංගයක් වූ අතර අද වන විට චීන වෙළදපොලෙහි පමණක් දක්නට ලැබෙන්නේ
1993 දී පමණ ගහනයේ සියල්ලම පාහේ රෝගයකින් විනාශ වූ නිසාය.
3)kuruma shrimp(P.japonicus) ජපානය, ඕස්ට්‍රේලියාව සහ තායිවානය තුල වගා කරයි.වෙළදපොල ඉල්ලුම පවතින්නේ
ජපානය තුල පමණක් වන අතර ඇ.ඩො.220 ක් පමණ වෙයි.
4)Indian white
shrimp(P.indicus) ඉන්දියානු සාගරය ජන්ම භුමිය වන අතර
විශාල වශයෙන් ඉන්දියාව, ඉරානය හා මැද පෙරදිග සහ අප්‍රිකානු
වෙරල තීරය තුල බෝ කිරීම සිදු කරයි.
5)banana shrimp(P.merguiensis)
ඕමානයේ සිට ඉන්දුනීසියාව දක්වාද ඕස්ට්රේලියාවෙ
ද වගා කරයි. ඉන්දියානු සාගර වෙරල ආශ්‍රිත ප්‍රදේශ වල වගා කරයි. විශාල ගහන
ගනත්වයකින් යුතුව වගා කරයි.
Peanaeus ගණයට අයත් වෙනත් අල්ප ප්‍රමාණයක් වූ
ඉස්සන් වගාවට යොදා ගන්නා අතර වෙනත් විශේෂද උදා; metapenaeus spp වගා කරනු ලැබෙයි.ඔවුන්ගෙන් ලබා ගන්නා නිෂ්පාදනය
වර්ෂයකට ටොන් 25,000 ක් වන අතර වගා කරන ප්‍රධාන Peanaeus විශේෂයන්ට සාපෙක්ෂව කුඩා අගයක් ගනියි.
ලෙඩ රෝග
ඉස්සන්ට බලපාන විවිධ මාරාන්තික වයිරස්
රෝග පවතී. දැඩි ගහන ගණත්වයක් පවතින තනි බෝග වගාවන්හි වෛරස් අසාධන වේගයෙන් පැතිර
ගිය අතර සියලුම ඉස්සන් ගහනය විනාශ වූ අවස්ථාද ඇත.වෛරස් හි ප්‍රධාන රෝග වාහකයා ජලය
වෙයි .වෛරස් පැතිරීම නිදහස් වනගත ඉස්සන්ටද පැතිරීම ගහනයේ විනාශයට භයානක ලෙස
බලපායි.
1. Yellow head රෝගය - P.monodon විශේෂයට බලපෑ අතර අග්නිදිග ආසියාවේ පැතුරුනි.1990 දී තායිලන්තයෙන්
පළමු වරට වාර්තා විය. ස්පර්ශයෙන් බෝ වන අතර දින 2 සිට 4 දක්වා කාලයකදී විශාල මරණ
සංඛ්යාවක් වාර්තා විය. රෝගය බෝ වූ ඉස්සකුගේ ශීර්ෂෞරසය කහපාට වෙයි.අසාමාන්ය ලෙස ඉහල
ක්‍රියාකාරීත්වයෙන් යුත් ආහාර රටාවක් අවසන් වීමෙන් පසු මෙසේ වීම සිදු
වෙයි.මරණාසන්න ඉස්සන් පොකුණු ජලය මතුපිටට එක්රැස් වෙයි.
2. සුදු පුල්ලි සින්ඩ්‍රොමය -එකිනෙකට
නෑකම් පවතින වෛරස් සමුහයක් මගින් ඇති වෙයි.1993 දී ජපානයේ P.japonicus වගාවෙන් ව්යාප්ත වූ අතර ආසියාවේ හා අප්‍රිකාවේ
ව්යාප්ත වුනි.පුළුල් පැතිර යාමේ හැකියාවක් ඇති වඩාත් මාරාන්තික රෝගයකි.ගහනයක
සියලුම ජීවින් 100% ක් ම දිනක් තුලදී විනාශ කල හැකි විය.රෝග ලක්ෂණ ලෙස උඩු කබලේ
සුදු පුල්ලි ඇති වෙයි.ජීරක ග්‍රන්ථි තුල රතු පුල්ලි ඇති වෙයි.අලස වීම මියයාමට
ආසන්න ඉස්සන්ගේ ලක්ෂණයකි.
3. Taura සින්ඩ්‍රොමය ප්‍රථම වරට වාර්තා වුයේ 1992 ඉක්වදෝරයේ ටවුරා ගං ඉවුරු
ආශ්‍රිත ඉස්සන් වගාවෙනි. P.vennamei විශේෂය
මේ රෝගයට ගොදුරු වුනි.රෝගය සීග්‍රයෙන් පැතිරුනේ ආසාධිත සත්වයන් සහ ඇගිල්ලන් අපනයනය
කිරීම හේතුවෙනි.ඇමෙරිකානු වගා තුල පළමුව ඇති වූ අතර ආසියානු කලාපයට ප්‍රචාරණය වුයේ
මෙම විශේෂය එම රට වලටද හදුන්ව දීමෙනි. එක් එක් ප්‍රදේශ වල පවතින වගාවන් වලට මෙම
රෝගය ව්යාප්ත වුයේ කුරුල්ලන් මාර්ගයෙන් බව විශ්වාසයක් පවතී.
4. IHHN - විශාල මරණ සංඛ්යාවක් P.stylirostri විශේෂය තුල සිදු වූ අතර (90%ක පමණ විශාල ප්රුමාණයක්) L.vennamei
විශේෂයේ විරුපීකරණයද සිදු විය.පැසිෆික් සාගරයේ
ගොවිපලවල් සහ වනගත නිදහස් ඉස්සන් අතර පැතිර ගිය අතර ඇමෙරිකාවේ අත්ලාන්තික් සාගර ප්‍රදේශ
ආශ්‍රිත වෙරල තීරයේ ජීවත් වූ නිදහස් වනගත ඉස්සන්ට රෝගය අසාදනය නොවුනි.
එමෙන්ම බැක්ටීරියානු අසාධානද ඉස්සන්
වගාව සදහා අහිතකර ලෙස බලපෑඅතර විශාල මරණ සංඛ්යාවක්ද සිදු විය.Vibrio විශේෂය මගින් ඇති කල වඩාත් පොදු රෝගය වුයේ vibriosis
ය. ඉස්සන් දුර්වල වන අතරම දිශානතිහරණය සහ
උච්චර්මයේ කළු තුවාල ඇති වීම රෝග ලක්ෂණ වෙයි.මරණ සංඛ්යාව 70% ඉක්ම විය හැක. NHP
යනු තවත් එක් බැක්ටීරියානු රෝගයකි.රෝග ලක්ෂණ
වනුයේ සැකිල්ල මෘදු වීමයි. පීඩාකාරී තත්වයන් බැක්ටීරියානු රෝගී තත්ත්ව හා බැදී
පවතී. උදා; තටාක තුල අධික ගහනය , ඉහල උෂ්ණත්වය, දුර්වල තටාක තත්වයන් බැක්ටීරියාවන් වර්ධනය වීමට අනුබල දෙයි.ප්‍රතිජීවක
ප්‍රතිකාර වශයෙන් ලබා දෙයි. ආනයනික රටවල් ඉස්සන් ආනයනය නවත්වුයේ ඔවුන් තුල ප්‍රතිජීවක
අඩංගු බව තහවුරු කරගත් බැවිනි.එවැනිප්‍රතිජීවක වුයේ chloramphenicol ය. එය 1994 දී යුරෝපීය සංගමය විසින් තහනම් කරනු
ලැබුවද එමගින් බොහෝ ප්‍රශ්න පැන නැගුණි.
බොහෝ ලෙඩ රෝග වලට ඵලදායි ලෙස පිළියම් කල නොහැකි
බැවින්, කර්මාන්තය තුල ප්‍රයත්න දැරුවේ රෝග වලක්වාලීම සදහාය. ජලයේ ගුණාත්මක භාවය ක්‍රියාකාරීව
කළමනාකරණය කිරීම තුලින් තටාක තුල ලෙඩ රෝග පැතිරයාම වැළක්විය හැක. වනගත කීටයන්
අල්ලා ගැනීම වෙනුවට එකල පරිසරයන් තුල රෝග බීජ රහිත ඇගිල්ලන් බෝ කිරීම සිදු කල අතර
ඔවුන් රෝග බීජ රහිත බව තහවුරු කිරීමද අත්ය්වශ්ය විය.මෙම ක්‍රමය මගින් රෝග රහිත
ගහනයන්ට රෝග පැතිර යාම වැළක්විය.අර්ධ සුක්ෂම වගාව වඩාත් පාලනය කරන ලද පාරිසරික
තත්ත්ව යටතේ සිදු කිරීමද රෝග ව්යාප්තිය වැලක්වීමට ගත් පියවරකි.