Sunday, May 8, 2016

ඉස්සන් වගාව- 1 කොටස෴


ඉස්සන් වගාව යනු මිනිස් පරිභෝජනය සදහා මුහුදු ඉස්සන් සහ කුනිස්සන් වගා කරන ජලජීවී ව්යපාරයකි.වානිජමය වශයෙන් ඉස්සන් වගාව පළමුවෙන්ම ආරම්භ කරනු ලැබුවේ 1972 වර්ෂයේදී වන අතර, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ බටහිර යුරෝපීය රටවල වෙළදපොල ඉල්ලුමට සරිලන විශේෂිත නිෂ්පාදනයක් ඉක්මනින් වර්ධනය කරගත හැකි විය. 2003 වර්ෂය වන විට වගා කරන ලද ඉස්සන්ගේ සම්පුර්ණ ගෝලීය නිෂ්පාදනය ටොන් මිලියන 1.6 ඉක්මවූ අතර එහි වටිනාකම අසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 9ක් විය. 75% ක් පමණ ඉස්සන් නිෂ්පාදනය කරනු ලබනුයේ ආසියානු කලාපයේ වන අතර චීනය සහ තායිලන්තය ප්‍රදාන තැනක් ලබා ගනියි.ඉතිරි 25% ප්‍රමාණය නිෂ්පාදනය කරනු ලබනුයේ ලතින් ඇමෙරිකානු රටවල් වන අතර, බ්‍රසීලය, ඉක්වදෝරය සහ මෙක්සිකෝවයි. මෙක්සිකෝව විශාලතම නිෂ්පාදකයන් වේ. විශාලතම අපනයනකරු වනුයේ තායිලන්තයයි.

 සම්ප්‍රදයික, කුඩා පරිමාණ වයාපාර ලෙස අග්නි දිග ආසියාවේ බිහිවූ ඉස්සන් වගාව ගෝලීය ව්යාපාරයක් දක්වා පරිවර්තනය විය.තාක්ෂණික දියුණුවත් සමගම කුනිස්සන් වර්ධනය විශාල ඝනත්වයකින් යුතුව සිදු කරන අතර ඇගිල්ලන් (අභිජනනය සිදු කල හැකි පැටවුන්) ලොව පුරා බෙදා හරිනු ලැබේ. සියලුම වගා කරන කුනිස්සන්ගෙන් 80% පමණ Penaeidae කුලයට අයත් වන අතර, Penaeus vannamei සහ Penaeus monodon යන විශේෂයන්ට අයත් වේ. මෙම ව්යාපාරික වශයෙන් සිදු කරන තනි බෝග වගාව බොහෝ පහසුවෙන් රෝග වලට ග්‍රහණය වන අතර ,එම නිසා ප්‍රදෙශ පුරා පැතිර පවත්නා වගාවන්හි කුනිස්සන් ගහනය විනාශ කර දමනු ලබයි. 1990 හි පසු භාගයෙහි දී පමණ පාරිසරික ගැටළු, නැවත නැවතත් ඇති වන රෝග ව්යාවසන, රාජය නොවන සංවිධාන වලින් ඇති කරනු ලබන පිඩනයන් සහ විවේචන සහ පාරිභෝගික රටවල් යන කරුණුද රජයේ ප්‍රබල නීති රිතිද පදනම් කර ගනිමින් ව්යාපාරය තුල බොහෝ වෙනස්කම් ඇති විය. 1999 දී රජයේ සංවිධාන, ව්යාපාරික නියෝජිතයින් සහ පරිසර සංවිධාන ඇතුලත්ව සංවර්ධිත සහ තත්වයෙන් උසස්, වඩා ශක්තිමත් වගාවන් සදහා පුහුණු කිරීමේ අභිමතාර්ථයෙන් වැඩසටහන් දියත් කරන ලදී.
ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දුනිසියනුවන් කුනිස්සන් වගා කල අතර ඔවුන් භාවිත කරන ලද්දේ සම්ප්‍රදායික විධික්‍රමයි. ඉන්දුනීසියානු කිවුල් දිය තටාක ටම්බක් ලෙස හැදින්වූ අතර 15 වන ශතවර්ෂය දක්වා ඉතිහාසයකට උරුමකම් දක්වයි. ඔවුන් විසින් කුඩා පරිමාණ තටාක මේ සදහා යොදා ගත් අතර තනි හෝ බහුවිධ බෝග වගාව වශයෙන් වෙනත් විශේෂ සමග වගා කරන ලදී . මිල්ක්ෆිෂ් ලෙස හදුන්වනු ලැබූ මසුන් විශේෂය සමග හෝ වී වගාව සමග මාරුවෙන් මාරුවට වගාව සිදු කරන ලදී. වියලි කාලයේදී කුඹුරු වැඩ සිදු නොකර කාලයන් හිදී කුනිස්සන් වගාව සිදු කරනු ලබනුයේ වෙරළාශ්රි ත ප්‍රදේශ වල සහ ගං ඉවුරු අසබඩදිය. කලපු ආශ්‍රිත ප්‍රදේශ සදහා මහත් ඉල්ලුමක් පැවතියේ එම ප්‍රදේශ ස්වභාවිකව කුනිස්සන් ඇති බහුල ප්‍රදේශ බැවිනි. Wild juvenile නමැති කුනිස්සන් විශේෂය මෙම තටාක තුල සිර කරන අතර ඵලදාව නෙලා ගන්නා තුරු ස්වභාවිකව වැඩෙන ඓන්ද්‍රින් මගින් පෝෂණය කිරීම සිදු කරයි.


ව්යාපාරික වශයෙන් කුනිස්සන් ඇති කිරීම 1930 ගණන් වල ඇති වූ අතර , පළමු වරට ජපන් ජාතිකයන් විසින් Kuruma නමැති කුනිස්සන් විශේෂයේ පැටවුන් බෝකර වගා කරන ලදී. වර්ෂ 1960 පමණ වනවිටදී කුඩා පරිමාණ ව්යාපාරයක් වශයෙන් මෙම වගාව දියුණු විය. 1960 පසු භාගයේදී හා 1970 මුල් කාලයේදී පමණ වන විට කුනිස්සන් කර්මාන්තය ඉතා සීග්‍රයෙන් වර්ධනය විය. තාක්ෂණික දියුණුවේ මුලිකත්වය හේතුවෙන් වගා කරන විධින් කඩිනම් වූ අතරම ලොව පුරා කුනිස්සන් වගාව සදහා වෙළෙද පොළ ඉල්ලුම වර්ධනය විම හේතුවෙන් නිවර්තන සහ උප නිවර්තන කලාපයන් හි කුනිස්සන් වගාව වඩාත් ප්‍රචලිත වුහ.

1980 දශකයේ මුල් අවදියේදී පාරිභෝගික ඉල්ලුම වර්ධනය වීමත් සමගම ව්යාජ නිෂ්පාදන ඇනහිටීමත් සහ සමෘධිමත් ව්යාවපාරයක් බිහි වීමත් යන කරුණු දෙකම එක වර ඇති විය.1980 දශකයේ පිළිගත් ප්‍රධාන නිෂ්පාදකයා වුයේ තායිවානයයි. නමුත් දුර්වල කළමනාකාරිත්වයත් , ලෙඩ රෝගත් හේතුවෙන් 1988 දී පමණ ඔවුන්ගේ වෙළදපොල කඩා වැටුණි.තායිලන්තයේ මහා පරිමාණ නිෂ්පාදන ඇති වුයේ 1985 වර්ෂයේදී පමණය . දකුණු ඇමෙරිකානු ඉස්සන් වගාවේ ප්‍රමුඛයා වූ ඉක්වදෝරයේ නිෂ්පාදනය සීග්‍රයෙන් වර්ධනය වුයේ 1985 වර්ෂයේ දී සිටය . 1974 සිට බ්‍රසිලයද ඉස්සන් වගාව ආරම්භ කලද වඩා සීග්ර9 ලෙස වර්ධනය වුයේ 1990 දශකයේ සිටය.ඉතා කෙටි කලකදී ප්‍රධාන නිෂ්පාදක රට බවට ඔවුන් පත් විය.අද වන විට මුහුදු ඉස්සන් වගාව රටවල් 50 ට වඩා ව්යප්තව පවතී.

වගා ක්‍රම෴


ඉස්සන් වගාව මතු වුයේ වනගත මත්ස්යය නිෂ්පාදන ධාරිතාව අභිවවා ගොස් පාරිභෝගික ඉල්ලුම සපුරා ලීම සහාය. පැරණි යැපුම් කෘෂිකර්මත ක්‍රම නව පලදායි ක්‍රම මගින් ඉතා සීග්‍රයෙන් ප්‍රතිස්ථාපනය වුයේ ගෝලීය ඉල්ලුමට අනුගත වීම පිණිස වෙයි. කාර්මික වගාවද පළමුව අනුගමන කරන ලද්දේ සම්ප්‍රදායික ක්‍රමෝපායන් වන අතර "විස්තෘත" වගා ලෙස හදුන්වන ලදී.පහත් ගහන ගනත්වයකින් යුත් හෙක්ටයාර කීපයකට සීමා වූ තටාක වෙනුවට හෙක්ටයාර 100 වඩා විශාල තටාක භාවිතය වැඩි වුයේ පහත් ගහන ගණත්වය හානි පුර්ණය කිරීම සහාය.සමහර ප්‍රදේශ වල දැවැන්ත කඩොලාන ප්‍රදේශ එළිපෙහෙළි කිරීමද සිදු විය.අධික ලෙස බිම් එලි පෙහෙළි කිරීම අඩු කිරීම සදහා දියුණු ක්‍රමෝපායන් භාවිත කර වපසරියකින් නෙලිය හැකි පලදාව වැඩි කිරීමට නව ක්‍රියා මාර්ග උපයෝගී කර ගන්නා ලදී.

අර්ධ සුක්ෂම සහ සුක්ෂම වගා ඇති වූ අතර එම වගාවන් තුල ඉස්සන් කෘතිමව බෝ කිරීමද , තටාක ක්‍රියාකාරීව කළමනාකරණය කිරීමද සිදු විය. නව වගාවන් අර්ධ සුක්ෂම වර්ගයේ වූ අතරම බොහෝ විස්තෘත වගාවන්ද ඉතිරිව පැවතුනි.1980 මැද වන විට බොහෝ වගාවන්හි නොමේරු ඉස්සන් තොග වශයෙන් තබා ගත අතර ඔවුන් "පශ්චාත් කීටයන් " ලෙස හැදින් විය. බොහෝ රටවල "පශ්චාත් කීට " අවදියේ මත්සය කර්මාන්තය වැදගත් ආර්ථික අංශයක් විය. මත්ස්ය ප්‍රදේශ ක්ෂය වීම වැලක්වීමට සහ නොමේරු ඉස්සන් සැපයීම නොවෙනස්ව පවත්වාගෙන යාම සදහා අභිජනන මධ්යස්ථාන තුල පැටවුන් අභිජනනය කිරීම කර්මාන්ත තුල ඇති විය.


1980 සහ 1990, සමෘධිමත් කාල වකවානුව තුල මෙම කර්මාතය අවිධිමත් ලෙස සිදුකරන ලදී . මෙහි වේගවත් ව්යාප්තිය හේතුවෙන් වෙරළබඩ ජනතාවගේ සැලකිය යුතු වෙනස්කම් සිදු වූ අතර සමහර වෙනස්කම් විනාශකාරී ඒවා විය. ඔවුන් අතර මත ගැටුම් ඇති වූ අතර ඒ සදහා ප්‍රදාන වශයෙන් හේතු 2ක් බලපාන ලදී. ඒවා නම් ; ජලය සහ ගොඩබිම යන පොදු ස්වභාවික සම්පත් සදහා ඇති වූ තරගකාරිත්වය, ධනය විෂම ලෙස බෙදී යාම.බංගලාදේශය වැනි රටවල මත ගැටුම් ඇති වුයේ සුවිශේෂී හේතුවක් වූ භුමිය ප්‍රයෝජනයට ගැනීමේ අයිතිය පදනම් කරගනිමිනි. ඉස්සන් වගාව සමග නව ව්යාපාර වෙරලශ්‍රිතව ව්යප්තවූ අතර පෙර පොදු වූ ස්වභාවික සම්පත් මේ සදහා යොදා ගැනීම සිදු විය. වෙරළාශ්‍රිත ජනතාව ඉස්සන් වගාව සදහා වැඩි වශයෙන් යොමු වීමෙන් දේශීය ධිවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල විය.

මෙම අර්බුද දුර්වල පාරිසරික ක්‍රියාමාර්ග නිසාද ඇති විය. පොදු සම්පත් හායනය මෙහි බලපෑමක් විය. (තටාක තුල ලවණතාවය පාලනය කිරීමට මිරිදිය ප්‍රමාණයට වඩා ප්‍රයෝජනයට ගැනීම නිසා water table දුර්වල වීම සහ ලවන ජලය ඇතුලට ගැලීම නිසා භූ ජලයේ ලවණතාවය වැඩි විම සිදු විය.) අත්දැකීම් බහුල වීමත් සමගම රජයන් ශක්තිමත් රෙගුලාසි දීමෙන් මෙවැනි අර්බුද වැලක්වීමට පියවර ගන්නා ලදී. උදා; භුමි කලාපීය කිරීමේ රෙගුලාසි . මෙක්සිකෝව වැනි රටවල මෙවැනි ප්‍රශ්න ඇතිවිම වැලැක්විමට ප්‍රශ්න ඇතිවීමට පෙරම නීති රෙගුලාසි සකස් කරන ලදී.මෙක්සිකානු වෙළෙද පොළ රාජ්ය නීති මත පාලනය වන්නකි.1990 දී සිදු කරන ලද සංශෝධන වලින් අනතුරුව වුවද මෙම වගා පාලනය කරනු ලබනුයේ ස්වදේශිකයන් හෝ පොලිස් නිලධාරීන් මගිනි.

ව්යාපාරය තුලදී ධනය බෙදී යාමේ විෂමතාවය හේතුවෙන් සමාජයීය බලපෑම් ඇති විය. ඉස්සන් වගාව සදහාම මෙම තත්වය විශේෂිත නොවුනද එමගින් ඇති වූ බලපෑම් විවිධාකාරී විය. සමාජය තුල බලය බෙදී යාමේ විෂමතාද මෙම බලපෑමට හේතු විය.බොහෝ අවස්ථා වලදී සාමාන්ය ජනතාව සහ ප්‍රභූ පිරිස අතර විශාල පරතරයක් ඇති වුයේ , ප්‍රභූන්ට ඉතා පහසුවෙන් ණය , සහනාධාර සහ බලපත්‍ර ලබා ගැනීමට හැකි වීමත් සහ ඉස්සන් ව්යාපාරයෙන් ලාභ ලබා ගැනීමට විශාල හැකියාවක්ද පැවතුනු නිසාය.බංග්ලාදේශයේ දේශීය ප්‍රභූන් මෙම වගාවට විරුද්ධ වුවද ඔවුන්ගේ නාගරික ප්‍රභූන් ඉස්සන් ව්යාපාරය පාලනය කරමින් පවතී.කුඩා පිරිසක් අතර භුමිය කේන්ද්‍ර ගත වීම සමාජයීය සහ ආර්ථික ප්‍රශ්න වර්ධනය වීම සදහා බලපාන බව හදුනා ගෙන ඇති අතර එය විශේෂයෙන්ම උග්‍ර වනුයේ ඉඩම් හිමියන් පිටරැටියන් වූ විටදීය. ගොවිපලවල් කුඩා ප්‍රභු පිරිසකට හෝ විශාල සමාගමකට අයිතිවිමට වඩා සාමාන්ය ජනතාවට අයිති වීම මගින් අති විශාල පිළිගැනීමක් ඇති වීමත් , ඉතා පහසුවෙන් හදුන්වා දීමට හැකි වීමත් සහ ලාභ ලබා ගැනීමටත් හැක.මක්නිසාදයත් එම වගා පාලකයන්ට පරිසරය සුරැකීමේ උනන්දුවද , අසල්වැසියන් සමග හොද හිත වර්ධනය කරගැනීමේ අවශ්යතාවයද පවතින බැවිනි.

තොරතුරු:- විකීපීඩියා හරහා...

No comments:

Post a Comment